News Line| Off Air
Generic placeholder image

Feb
26

රු. එක්කොටි විසිලක්ෂයක මුදල නොගෙවුවහොත් බන්දුලට වෙන දේ

633 Views


රු. එක්කොටි විසිලක්ෂයක මුදල නොගෙවුවහොත් බන්දුලට වෙන දේ

පෑන් ඒෂියා බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක (12,000,000) ණය මුදල් නොගෙවුවහොත් හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත‍්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගේ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි ඔහුට අයත් දේපළ ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අශාන් මරික්කාර් මහතා නියම කළේය.

තමා අත්සන් කරන්නේ උකස්කරයකට බව නොදැන යම් ලේඛණයකට අත්සන් කළ බවට බන්ධුල ගුණවර්ධන මහතා පැවසුවත් ප‍්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වන ගුණවර්ධන මහතා වැන්නකු නොදැන අත්සන් කළැයි කියන කරුණු පිළිගත නොහැකි බව තීන්දු කරමින් බැංකු අයිරාවක් හා ණය වශයෙන් ලබාගත් මුදල් නොගෙවුවහොත් ඔහුට අයත් දේපළ ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

පෑන් ඒෂියා බැංකුවෙන් අවස්ථා කිහිපයකදී බැංකු අයිරා හා ණය වශ්‍යයෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක මුදල් හා ඊට අදාළ පොළී මුදල් උපයා ගැනීම සඳහා පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් ආයතනය විසින් මහරගම නාවින්න හයිලෙවල් පාරේ අල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගමට සහ නුගේගොඩ ගංගොඩවිල ජම්බුගස්මුල්ල මාවතේ අංක 28 දරන ස්ථානයේ පදිංචි බන්ධුල ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

අල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගම විසින් අවස්ථා හතරකදී පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් ආයතනයෙන් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක ණය මුදල් ලබාගෙන එම ණය මුදල් හෝ ඊට අයවිය යුතු පොළී මුදල් නොගෙවා පැහැර හැරීම නිසා එම ණය මුදල හා පොළී මුදල් අයකර ගැනීම සඳහා මෙම නඩුව පවරා තිබිණි.


News Articles
Latest Videos
Most Popular Post