News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
26

අර්ජුනගේ ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

1262 Views


අර්ජුනගේ ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

ලංකා ඛණීජ තෙල් නීතිගත සංස්ථා පරිශ‍්‍රය තුළට අයුතු ඇතුළුව කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් අවස්ථාවේදී සිදුවු වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාස හතරක කාලයක් සැකපිට රිමාන්ඞ් භාරයට පත් කොට සිටි අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරක්‍ෂක නිලධාරියා ලෙස සේවය කළ ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (26) නියම කළේය.

රුපියල් 25,000ක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 10ක් වටිනා ශරීර ඇපයක් මත සැකකාර පොලිස් සැරයන්වරයා මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් අනතුරුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කළේය.

තමාට ඇප නියම කිරීම මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ප්‍රතික්ෂ්‍රේප කොට ඇති හෙයින් තමාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කළ ඇප ඇයැදුමක් සලකා බලමින් ඔහුට ඇප නියම කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් අනතුරුව පරීක්‍ෂණ වලට බාධාවන් සිදුකරනු ලැබුවහොත් හෝ සාක්කිකරුවන්ට බලපෑම් කළහොත් ඇප අවලංගු කොට නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඞ් භාරයට පත් කරන බවද දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් මෙලෙස ඇප නියම කරන ලද්දේ මෙම සිද්ධියට අදාළව රිමාන්ඩ භාරයට පත් කොට සිටි අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරක්‍ෂක නිලධාරියා ලෙස සේවය කළ ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් සැරයන් අරුණ ශ්‍රී නන්දන සිල්වා මහතාය.


News Articles
Latest Videos
Most Popular Post