News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
27

ඉන්දීය ගුවන් යානයක් කාශ්මීරයේදි කඩා වැටෙයි, කාශ්මීර ඉහළ අහස ගුවන් තහනම් කලාපයක් වෙයි

1183 Views


ඉන්දීය ගුවන් යානයක් කාශ්මීරයේදි කඩා වැටෙයි, කාශ්මීර ඉහළ අහස ගුවන් තහනම් කලාපයක් වෙයි

කාශ්මීරයේ ඉන්දු පාකිස්තාන දේශ සීමාවට ඉහළ අහසේ ගුවන් තහනම් කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය පවසනවා. ඒ අනුව සියලූ වාණිජ ගුවන් යානා සඳහා එම ගුවන් කලාපය තාවකාලිකව සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා.

මේ අතර ජම්මු කාශ්මීර කලාපය තුලදී අද (27) ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා. අනතුරෙන් යානය කොටස් දෙකකට වෙන්වී ගිනි ගැනීමට ද ලක්ව ඇති අතර යානයේ ගමන් ගත් නියමුවන් දෙදෙනෙකුගේ සිරුරු ද සොයා ගෙන ඇති බව සඳහන්. නමුත් පකිස්තානු යුධ හමුදාපතිවරයා මාධ්‍යය පවසා ඇත්තේ එක් ගුවන් නියමුවෙක් තම අත් අඩංගුවට පත් වූ බවයි. ඉන්දියාව එම වාර්තාව ප්‍රතික්ෂේප කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post