News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
27

රන්ජන්ගේ කොකේන් චෝදනා ඔප්පු කරන්න බෑ – එජාප කමිටුව කියයි

610 Views


රන්ජන්ගේ කොකේන් චෝදනා ඔප්පු කරන්න බෑ – එජාප කමිටුව කියයි

කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය ඔප්පු කළ නොහැකි බවත් ඒ සඳහා තවත් සාක්ෂි අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂය විසින් පත්කළ කමිටුව සඳහන් කර තිබෙනවා.

රන්ජන් රාමනායක මහතා කළ මේ ප්‍රකාශය පිළිබඳව සොයා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් කමිටුවක් පත්කළ අතර එහි සභාපති ලෙස අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා කටයුතු කළේය. සෙසු සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එරාන් වික්‍රමරත්න, මහාචාර්ය ආශු මාරසිංහ හා නීතිඥ මහේෂ් කලුගම්පිටිය කටයුතු කළා.

එම වාර්තාව සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා ඉහත අදහස් දැක්වීය.

කෙසේ වෙතත් කොකේන් භාවිත කරන බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ ප්‍රකාශ වූ නම් ලැයිස්තුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් නොමැති බවත් එම නම් ලැයිස්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවත් හර්ෂද සිල්වා මහතා පවසයි.


News Articles
Latest Videos
Most Popular Post