News Line| Off Air
Generic placeholder image

Feb
27

ප්‍රථම වරට නිෂ්පාදිත මල්ටි බැරල් විදිනය , මිසයිල අනුරුව ජනපතිට

1063 Views


ප්‍රථම වරට නිෂ්පාදිත මල්ටි බැරල් විදිනය , මිසයිල අනුරුව ජනපතිට

ශ්‍රී ලංකාව පළමු වරට පසුගියදා නිෂ්පාදනය කරන ලද මල්ටි බැරල් රොකට් විදිනයේ හා මිසයිලයේ අනුරුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා.

අතීත යුද අත්දැකීම් ද ඇසුරු කර ගනිමින් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් නිර්මාණය කළ මෙරට මුල්ම මල්ටි බැරල් රොකට් විදිනය සහ මිසයිලය පසුගිය 71 වන ජාතික දින උලෙළේ දී ජාතියට ප්‍රදර්ශනය කෙරිණි.

පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් බ්‍රිග්‍රේඩියර් ආචාර්ය ටිරාන් ද සිල්වා මහතා විසින් එම අනුරුව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.


News Articles
Latest Videos
Most Popular Post