News Line| Off Air
Generic placeholder image

Feb
28

ඉන්දියාවට ඔස්ට්‍රේලියාවෙන් ප්‍රහාරයක්

1115 Views


ඉන්දියාවට ඔස්ට්‍රේලියාවෙන් ප්‍රහාරයක්

සත්කාරක ඉන්දීය කණ්ඩායම හා පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන්ද කඩුලු 7ක ජයක් වාර්තා කරමින් ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ පළමු විස්සයි 20 තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ (27දා) සමත්විය.

චච පිටියේ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 4ට ලකුණු 190ක් රැස්කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩලු 3ක් දැවී ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට සමත්විය.

ඉන්දියාව වෙනුවෙන් විරාත් කෝලි නොදැවී ලකුණු 72ක් රැස්කිරීමට සමත්විය. ඔස්ට්‍රේලියා වෙනුවෙන් නොදැවී ලකුණු 113ක් රැස්කිරීමට ග්ලෙන් මැක්ස්වෙල් සමත්විය. ඒ අනුව තරගයේ වීරයා ලෙසද ඔහු සම්මාන ලැබීය. තරඟ දෙකකින් සමන්විත වූ විස්සයි20 තරගාවලිය 2-0ක් ලෙස ඔස්ට්‍රේලියාව ජය ගැනීමට සමත්විය.

තරගයේ විශේෂතා

ග්ලේන් මැක්ස්වෙල් රැස්කළ ලකුණු 113 විස්සයි20 තරගයකදී ලකුණු හඹා යෑමකදී වාර්තා වූ සිවුවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වෙයි.

මෙය මැක්ස්වෙල්ගේ තෙවැනි විස්සයි20 ශතකය වන අතර එවැනි දක්ෂතාවක් දැක්වූ තෙවැනි පිතිකරුවා ඔහු වෙයි. රෝහිත් ශතක හතරක් හා කොලින් මුන්රෝ ශතක තුනක් රැස්කර තිබෙනවා.

ඉන්දියාව වෙනත් රටක් සමග පැවැත්වූ පැවැත්වූ විස්සයි20 තරගාවලිවලදී සෑම තරයක්ම පරාජයට පත්වූ තෙවැනි අවස්ථාව මෙය වෙයි.


News Articles
Latest Videos
Most Popular Post