News Line| Off Air
Generic placeholder image

Feb
28

ඉන්දීය ගුවන් නියමුවා හෙට නිදහස් කරනවා – අගමැති ඉම්රාන් ඛාන් UPDATE

1323 Views


ඉන්දීය ගුවන් නියමුවා හෙට නිදහස් කරනවා – අගමැති ඉම්රාන් ඛාන් UPDATE

ඉන්දීය ගුවන් නියමුවා හෙට නිදහස් කරන බව අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කරනවා. වැඩිදුර තොරතුරු බලාපොරොත්තුව වන්න.

UPDATE

පකිස්ථාන අගමැති ඉම්රාන් ඔවුන් සතුව සිටින ගුවන් නියමුවා නිදහස් කරන බව ප්‍රකාශ කරනවා. එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ පකිස්ථාන පාර්ලිමේන්තුව අමතමින්ය.

එහිදී අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර සිටියේ ,

”මම ඊයෙ මෝඩිව දුර සම්බන්ධ කරගන්න උත්සහ කරා, දෙපාර්ශවයේම දේශසීමා උල්ලංගනය කිරීමෙන් වැලකී සිටිමු යන්න තමා මගේ අරමුණ වෙලා තිබ්බෙ. කොහොම වුණත් මේ ක්‍රියාවලියෙ ආරම්භයක් විදිහට ගුවන් නියමුවාව අපි නිදහස් කරනවා කියලා තියෙනවා”

මේ අතර පකිස්ථාන විදේශ කටයුතු ඇමති ප්‍රකාශ කර තිබෙනවා ඉම්රාන් ඛාන් ඉන්දීය අගමැති මෝඩිට දුරකථනයෙන් සාකච්ඡා කිරිමට ඒ සම්බන්ධයෙන් දැනට දෙපාර්ශවයම එකඟ වී තිබෙන බව.


News Articles
Latest Videos
Most Popular Post