News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
28

අකිලගේ ඡායාරූප නිසා ලක්ෂ 340ක පාඩුවක්

758 Views


අකිලගේ ඡායාරූප නිසා ලක්ෂ 340ක පාඩුවක්

පෙළපොතට හා නිල ඇඳුම් වවුචරයට අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපය යෙදීම නිසා රජයට රුපියල් මිලියන තිස්හතරක පාඩුවක් සිදුව තිබෙන බව උසස් අධ්‍යාපන හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මෙම මුදලින් රුපියල් මිලියන 29ක පාඩුවක් සිදුව ඇත්තේ පෙළපොතට ඡායාරූප යෙදීම හේතුවෙන් බවත්, තවත් රුපියල් මිලියන 05ක් නිලඇඳුම් වවුචරයට ඡායාරූප යෙදීම නිසා පාඩු සිදුව තිබෙන බවත් අද (28දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.

මේ පිළිබඳ අද දිනයේ අල්ලස් කොමිසමට පැමිණිලි කළ බවද හිටපු අමාත්‍යවරයා පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post