ඉන්දීය හමුදා සාමාජිකයින් පිරිසක් රැගත් රථ පෙළකට ඉකුත් දා කාශ්මීරයේදී ප‍්‍රහාර එල්ල කළ ජයිෂ් යී මොහොමඞ් සංවිධානයේ නායක මවුලානා මසූඞ් අසාර් පකිස්තානයේ සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍ය ෂා මහමූද් කරේෂි අද (01) අනාවරණ කරනු ලැබුවා.
කෙසේවෙතත් ඔහු අත්අඩංගුවට ගැනීමට නම් ඔහුට එරෙහිව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පිළිගත හැකි සාක්ෂි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඉන්දියාව කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. මවුලානා මසූඞ් අසාර් මේවනවිට දැඩි ලෙස රෝගී වී නිවසින් පිටතට පැමිණීමට ද නොහැකි තත්ත්වයක පසුවන බව පකිස්තාන විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා තිබෙනවා.