එරට විදේශ කටයුතු අමාත්‍ය රී යොං හෝ පැවසුවේ සියලූ සම්බාධක නොව සිය රටට එරෙහිව පනවා ඇති සම්බාධක වලින් කොටසක් පමණක් ඉවත් කරන ලෙස වියට්නාමයේදි පැවැති හමුව අතරතුර සිය රට අමෙරිකාවෙන් ඉල්ලා සිටි බවයි. දෙරට අතර වර්ධනය වී ඇති සබඳතා පිළිබඳ විශ්වාසය තබා එම ඉල්ලීම සිදු කළ බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර වියට්නාමයේ පැවැති සාකච්ජා ඊයේ අවසන් වූයේ එකගතාවයකින් තොරවයි. එහිදී සිය රටට පනවා ඇති සියලූ සම්බාධක ඉවත් කරන ලෙස උතුරු කොරියාව ඉල්ලීමක් කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.




















