News Line| Off Air
Generic placeholder image

Mar
1

ඉන්දීය ගුවන් නියමුවා රැගත් රිය පෙළහැර ලාහෝරයෙන් පිටත් වෙයි

996 Views


ඉන්දීය ගුවන් නියමුවා රැගත් රිය පෙළහැර ලාහෝරයෙන් පිටත් වෙයි

පාකිස්ථාන අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් නියමුවා රැගත් වාහන පෙලක් ලාහෝර් නුවරින් පිටත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අදාල රථ පෙල සමඟ පාකිස්ථාන රජයෙන් නිලදාරීන් පිරිසක්ද පැමිණෙන බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ගුවන් නියමුවා අද දෙරටේ දේශ සීමාව පිහිටි වගාහරි ප්‍රදේශයේදී ඉන්දියාවට බාර දීමට නියමිතව තිබුනා. මේ වන විට වගාහරි දේශසීමා දොරටුව අභියස දහස් ගණන් ඉන්දියානුවන් පිරිසක් රැස්ව සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post