News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
4

කොකේන් සමග අත්අඩංගුවට පත් නිළිය ඇතුළු 17 දෙනා රිමාන්ඩ්

1783 Views


කොකේන් සමග අත්අඩංගුවට පත් නිළිය ඇතුළු 17 දෙනා රිමාන්ඩ්

කොකේන් සහ තවත් මත්ද්‍රව්‍ය සමග මාතර දී ඊයේ (03) අත්අඩංගුවට ගැණුනු රංගන ශිල්පිනිය ඇතුළු 17 දෙනා අද (04) මාතර මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මාතර පොල්හේන ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී මෙම පිරිස ඊයේ අත්අඩංගුවට ගැනුණේ මාතර කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින්.

මෙම පිරිස විවිධ ප‍්‍රදේශවලින් මාතරට පැමිණ ඇති බවයි විමර්ශනවලින් හෙළිව ඇත්තේ. වෙරළ සාදයක් සඳහා ඔවුන් එලෙස මාතරට පැමිණ ඇති බවද හෙළි කර ගැණුනා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේද ඔවුන්ගෙන් ඇතැම් අය මත්ද්‍රව්‍ය භාවිත කර සිට ඇති බවටයි සැක කෙරන්නේ. ඔවුන්ට මත්ද්‍රව්‍ය ලැබී ඇත්තේ කෙසේදැයි වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.


News Articles
Latest Videos
Most Popular Post