News Line| Off Air
Generic placeholder image

Mar
5

අයවැයෙන් වාහන සහ ත්‍රිරෝද රථ නිෂ්පාදන බද්ද ඉහළට

1142 Views


අයවැයෙන් වාහන සහ ත්‍රිරෝද රථ නිෂ්පාදන බද්ද ඉහළට

සිලින්ඩර් ධාරිතාව 800ට අඩු පෙට්ට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 150,000/- කින් හා සිලින්ඩර් ධාරිතාව 1000ට අඩු පෙට්ට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 175,000 කින්ද, සිලින්ඩර් ධාරිතාව 1300 ට අඩු පෙට්ට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 500,000 කින් වැඩි කිරීමට යෝජනා කර ඇත.

සිලින්ඩර් ධාරිතාව 800 ට අඩු දෙමුහුන් වාහන මත නිෂ්පාදන බද්ද රු. 250,000 කින් හා සිලින්ඩර් ධාරිතාව 1500 ට අඩු දෙමුහුන් වාහන මත නිෂ්පාදන බද්ද රු. 500,000 කින් වැඩි කෙරේ.

කිලෝ වෝට් 70 ක් විදුලි මෝටර් වාහන මත නිෂ්පාදන බද්ද රු. 175,000 කින් වැඩි කිරීමට යෝජනා කර ඇත. එමෙන්ම සිලින්ඩර් ධාරිතාව 200ක් වන ත්‍රිරෝද රථ මත නිෂ්පාදන බද්ද රු. 60,000කින් වැඩි කෙරේ.


News Articles
Latest Videos
Most Popular Post