ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබා දී ඇති මරණ දඩුවම අභියෝගයට ලක් කරමින් ඔහු ගොනු කළ අභියාචන පෙත්සම හෙට (07) වැඩිදුර විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
ඒ, එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර ඉදිරියේ අද කැදවීමෙන් අනතුරුවයි.
2008 වසරේදී ගල්කිස්ස ප‍්‍රදේශයේ දී හෙරොයින් ග‍්‍රෑම් 7.05ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට විත්තිකරුට මරණ දණ්ඩණය නියම කෙරුණා.
ඒ, 2015 වසරේ ඔක්තොම්බර් මස 14 වනදා කොළඹ මහාධිකරණය විසින්.