News Line| Off Air| Games
Generic placeholder image

Mar
6

ධීවර යාත්‍රා මුරකරුවන්ටත් හැදුනුම්පතක්

752 Views


ධීවර යාත්‍රා මුරකරුවන්ටත් හැදුනුම්පතක්

ලංකාවේ සංවිධාන අතරින් බලගතුම සංවිධානය බවට ජාතික ධිවර මහා සම්මේලනය ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ ධිවර   ජනතාවට අභිමානයක් සමග වෘත්තීය ගෞරවය ලබා දෙමින් ධිවර යාත්‍රා මුරකරුවන් ලියාපදිංචි කර හැදුනුම්පතක් ලබාදීමට කඩිනමින්   කටයුතු කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

ලංකා ඉතිහාසයේ ධිවර කර්මාන්තයේ අදුරුම කාලය අවසන් කර දේශීය ධිවර කර්මාන්තයේ ස්වර්ණමය යුගය කරා පියමන් කිරීම ආරම්භ කළ බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා සඳහන් කළේ,

ශක්‌තිමත් ධීවර කර්මාන්තයක් ගොඩනැගීමට මුලිකවම  ධීවරයා ශක්තිමත් කිරීම මගින් ධිවර කර්මාන්තය ශක්තිමත් කල හැකියි . මේ  සඳහා ධිවර අමාත්‍යංශය සහ අනුබද්ධ සියලු ආයතන එක් වැඩපිළිවෙලක් යටතේ මෙහෙයවීමට කටයුතු කරනවා . ධිවර අමාත්‍යංශය යටතේ පාලනය වන ධිවර සංස්ථාව , ධිවර වරාය නීතිගත සංස්ථාව , ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය , ජාතික ජලජ සම්පත් සංවර්ධන සහ පර්යේෂණ නියෝජිතායතනය වගේම සිනොර් පදනම යන ආයතන එකිනෙක බැදී ධිවර ජනතාව වෙනුවෙන් වගේම ධිවර කර්මාන්තය වෙනුවෙන් කැපවන ආයතන බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස්කර අවසන් බව ඔහු පැවසිය.

ලංකා ඉතිහාසයේ ධිවර ක්‍ෂේත්‍රයේ අදුරුම කාලය වත්මන් යහපාලන රජයේ මුල් වසර තුනක කාලයයි . ධිවරයා පිළිබඳව හෝ ධිවර ක්‍ෂේත්‍රය පිළිබද දන්නා අයගේ අදහස් සතයකට මායිම් නොකර නිලධාරීන්ගේ අදහස් සැලකිල්ලට නොගෙන හිතුවක්කාර තීන්දු තීරණ ගැනීම නිසා ලංකාවේ ධිවර කර්මාන්තයේ අදුරුම යුගය ඒ වසර තුන බව ඉතිහාස ගත වුනා .

ඒ අදුරු යුගය අවසන් කිරීමට හැකියාව ලැබුණා . දැන් උදා වෙලා තියෙන්නේ ධිවර ක්‍ෂේත්‍රය මෙරට ඉතිහාසයේ ස්වර්ණමය යුගය කරා රැගෙන යාමේ කාලයයි බව ඔහු සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post