අයවැය විවාදය පැවැත්වෙන දින 19 තුළ සෑම දිනයකදීම අමාත්‍යාංශවල එක් වංචාව බැගින් හෙළි කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කලා.
අවුරුදු 4 කදී යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරු රුපියල් බිලියන 1500 ක රජයේ මුදල් කොල්ලකලා ඇති බවත් අමාත්‍යාංශ 9 ක අමාත්‍යවරු සම්බන්ධව පැමිණිලි කරන බවත් 2018 දී ලබාගෙන ඇති ණය ඇ.ඩො.මි. 5069ක ගත්ත ණය සියල්ලම සොරකම් කර ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කලා.