News Line| Off Air
Generic placeholder image

Mar
8

ආසියාවේ එකම වේලාවකදී වැඩිම පිරිසක් වන්දනාමාන කරන බුදු පිළිමයට වසර 50 යි..!

5565 Views


ආසියාවේ එකම වේලාවකදී වැඩිම පිරිසක් වන්දනාමාන කරන බුදු පිළිමයට වසර 50 යි..!

ලංකාවේ පාසල් අතරින් විශාලතම බුදු මැදුර පිහිටලා තියෙන්නෙත් ආනන්ද විද්‍යාලයේ. මේ බුදු මැදුර ඇතුළේ වැඩ ඉන්න බුදු පිළිම වහන්සේ තමයි, ලංකාවේ පාසල් අතරින් විශාලතම පිළිම වහන්සේ.

අද වෙන කොට කරලා තියෙන සමීක්ෂණ වලින් හොයා ගෙන තියෙන විදිහට මේ බුදු පිළිම වහන්සේව දවසකට වන්දනාමාන කරන ප්‍රමාණය දෙවෙනි වෙන්නෙ අපේ රටේ දළදා වහන්සේව සහ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේව වන්දනාමාන කරන ප්‍රමාණයට විතරයි.

අපේ රටේ දවසකට වැඩිම පිරිසක් වන්දනාමාන කරන ස්ථාන අතරින් මේ ස්ථානය තුන්වෙනි ස්ථානයට පත් වෙනවා. ඒ වගේම අද අපේ රටේ එකම පුද්ගලයෙක් දවසකට වැඩිම වාර ගණනක් වන්දනාමාන කරන බුදු පිළිමයක් අපේ රටේ තියෙනවා නම් ඒ ආනන්ද විද්‍යාලයේ බුදු පිළිමය විතරයි.

පාසල් ශිෂ්‍යයන්, ගුරුවරු, කාර්යය මණ්ඩලයේ අය.. ඒ හරහා මෑතකදී Asia Times කරපු සමීක්ෂණයකට අනුව ආසියාවේ එකම වේලාවකදී වැඩිම පිරිසක් වන්දනාමාන කරන බුදු පිළිමය විදිහටත් ආනන්ද විද්‍යාලයේ බුදු පිළිම වහන්සේ වාර්තා පොතට එකතු වෙනවා.

 

https://www.facebook.com/rajith.elvitigala/videos/10214076947254635/


News Articles
Latest Videos
Most Popular Post