News Line| Off Air
Generic placeholder image

Mar
8

රජයේ ආයතනවල සිදුවූ දූෂණ, වංචා පිළිබඳ ජනාධිපති කොමිසමට පැමිණිලි 522 ක්

529 Views


රජයේ ආයතනවල සිදුවූ දූෂණ, වංචා පිළිබඳ ජනාධිපති කොමිසමට පැමිණිලි 522 ක්

රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබද සොයා බැලීමට පත් කල ජනාධිපති කොමිසමට ලැබී ඇති පැමිණිලි ගණන 522 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඉන් පැමිණිලි 15 ක් පිළිබද මුලික විමර්ශන ආරම්භ කිිරීමට නියමිතයි.

ඒ සදහා අදාළ පැමිණිලි කොමිසමේ විශේෂ පොලිස් ඒකකයට භාර දී තිබෙනවා. කොමිසම පැමිණිලි භාර ගැනීම ආරම්භ කලේ පසුගිය මස 08 වනදා යි.

එය ඊයේ දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද පැමිණිලි භාර ගැනීමේ කාල සීමාව ලබන 14 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
2015 සිට 2018 වසර දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබ`ද සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මෙමකොමිසම පත් කරනු ලැබුවා.

ලැඛෙන පැමිනිලි කඩිනම් අපක්ෂපාතී, පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිෂන් සභාවේ කාර්යභාරයයි. එම වැරදි සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් හ`දුනා ගැනීම හා සාක්ෂි එක් රැස් කිරීම ද මෙම කොමිෂන් සභාව තුලින් සිදු වනු ඇති.

කොමිෂමේ පළමු අතුරු වාර්තාව මාස 03 ක් ඇතුළතත්, නිගමනයන් හා නිර්දේශයන් ඇතුළත් අවසන් වාර්තාව මාස 06 ක් ඇතුළතත් ජනාධිපතතුමා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post