News Line| Off Air
Generic placeholder image

Mar
9

ජනපතිගෙන් අගමැතිට හා විපක්ෂනායකට ආරාධනාවක්

729 Views


ජනපතිගෙන් අගමැතිට හා විපක්ෂනායකට ආරාධනාවක්

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩසටහනට අපේ‍්‍රල් 03 වන දායින් පසු පොලීසිය සමඟ ති‍්‍රවිධ හමුදාව වඩා ශක්තිමත් ලෙස දායක කර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා  පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද (08දා)  පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආණ්ඩුකාරවරුන් සමඟ පැවති හමුවක දී ය. මත්ද්‍රව්‍යවලින් තරුණ පරපුර රැක ගැනීම වෙනුවෙන් ඉදිරියේ දී කි‍්‍රයාවට නැංවෙන ,සුජාත දරුවෝ, වැඩසටහන පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළේ සුවිශේෂී වැඩසටහනක් ලෙස මත්ද්‍රව්‍යවලට එරෙහි ව රටම එක් ව ප‍්‍රතිඥා දෙන අවස්ථාව අපේ‍්‍රල් 03 වන දා උදෑසන 8.00 ට එළැඹෙයි. සියලු පාසල් දරුවන් පාසල් වලදීත්, රාජ්‍ය සේවකයන් තම සේවා ස්ථානවලදීත් දිවුරුම් දෙන එම අවස්ථාව වෙනුවෙන් කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ පැවැත්වෙන කෙටි උත්සවයට එක්වන ලෙස තමා පක්ෂ භේදයෙන් තොරව අග‍්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා ප‍්‍රමුඛ සියලු මැති ඇමතිවරුන්ට ආරාධනා කරන බව ද ජනාධිපති සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය නිවාරණය සහ පාතාලය මර්දනය වෙනුවෙන් කි‍්‍රයාත්මක වැඩසටහන් සඳහා දේශපාලන පක්ෂ බේදයෙන් තොරව සියලුදෙනා අත්වැල් බැඳගැනීමේ අවශ්‍යතාවය  ජනාධිපතිවරයා අවධාරණය කළේය.


News Articles
Latest Videos
Most Popular Post