News Line| Off Air
Generic placeholder image

Mar
11

මිලදී ගෙන මාස 06න් කඩා වැටුණු ඉතියෝපියානු ගුවන් අනතුරෙන් රටවල් 33ක 157ක් මරුට

1407 Views


මිලදී ගෙන මාස 06න් කඩා වැටුණු ඉතියෝපියානු ගුවන් අනතුරෙන් රටවල් 33ක 157ක් මරුට

ඉතියෝපියාවේ අඩ්ඩිස් අබාබා ගුවන් තොටුපළේ සිට කෙන්යාවේ නයිරෝබි බලා ගමන් කරමින් සිටි බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් මගින් 149 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙක් සමග කඩා වැටී ඇති බව වාර්තා වනවා. මෙම ගුවන් යානය ගුවන් තොටුපළෙන් නික්මවී මිනිත්තු 06කට පසු කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානය තුල රටවල් 33 ක් නියෝජනය කරන මගීන් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඉතියෝපියානු බලධාරීන් පවසන්නේ මීට මාස 06කට පමණ පෙර ඇමෙරිකාවේ බොයිං ගුවන් සමාගමෙන් මිල දී ගත් ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි.
මාස 05ක් වැනි කෙටි කාලයක් තුළ බෝයිං වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්වූ දෙවන අවස්ථාව මෙයයි. ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ දී ද ඉන්දුනීසියාවේ දී බෝයිං වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්වුණා. එහිදී ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 189 දෙනෙක්.


News Articles
Latest Videos
Most Popular Post