News Line| Off Air
Generic placeholder image

Mar
11

දෙකෝටියකට අධික වළලු සමඟ ගුවන් සේවකයෙක් කොටුවෙයි

1623 Views


දෙකෝටියකට අධික වළලු සමඟ ගුවන් සේවකයෙක් කොටුවෙයි

විදේශීය ගුවන් යානා කාර්යය මණ්ඩලයක සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් දෙකෝටියකට අධික වටිනාකමකින් යුතු රත්තරන් වළලු තොගයක් කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .

මොහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි .

ඔහු අද(11) දින උදෑසන 10.00 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන පැමිණි ගමන් මල්ලේ ඇතුළත ඉතා සූක්ෂම ලෙස මෙම කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 43ක් බර රුපියල් දෙකෝටි පහළොස් ලක්ෂයක් වටිනා  , රත්තරන් වළලු 423ක් සඟවා ගෙන සිටිය බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .


News Articles
Latest Videos
Most Popular Post