News Line| Off Air
Generic placeholder image

Mar
11

කේරල ගංජා කිලෝ ග්‍රෑම් 24 ක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

1024 Views


කේරල ගංජා කිලෝ ග්‍රෑම් 24 ක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

කේරල ගංජා කිලෝ ග්‍රෑම් 24 ක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු කළුතර නීතිය බල ගැන්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා
දර්ගා නගරයේ හා අළුත්ගම නගරයේ දී මෙම පුද්ගලයින් අත්අඩංගුවට පත්ව තිබෙන බව සඳහන්.

මේ වනව්ටමොවුන් වැඩිදුර විමර්ශන සඳහා අළුත්ගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා. අත්අඩංගුවට පත් සැකකරුවන් කළුතර දකුණ හා දර්ගානගරයේ පදිංචිකරුවන්.

සැකකරුවන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් අළුත්ගම පොලීසිය විසින් වැඩිදුර විමර්ෂණ සිදු කරනු ඇති.

මේ අතර බොරැල්ල සීවලී පටුමග ප්‍රදේශයේ පොලීසිය සිදුකල වැටලීමකදී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 600 ක්සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post