ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වන විට දක්ශතා අතර සිටින සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එළඹෙන ලෝක කුසලාන තරඟාවලිය අහිමි වීමේ තත්ත්වයක් මතු වී තිබෙනවා.
ඊට හේතුව වී ඇත්තේ ඊයේ දකුණු අප්‍රිකාව සමඟ පැවති තුන්වන එක්දින තරඟයේදී කුසල් ආබාධයකට ලක් වීමයි.
එම ආබාධය සුව වීමට ඔහුට සති 5ක පමණ කාලයක් ගත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සියත 24 වෙත තහවුරු කළා.
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මැයි 30 සිට ජූලි 14 දක්වා එංගලන්තයේදී පැවැත්වෙනවා.