News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
11

අනතුරට පත් ඉතියෝපියා ගුවන් යානයේ කලු පෙට්ටිය සොයාගනියි

1835 Views


අනතුරට පත් ඉතියෝපියා ගුවන් යානයේ කලු පෙට්ටිය සොයාගනියි

ඒ අනුව මෙම ගුවන් අනතුරට හේතුව කඩිනමින් ප්‍රකාශයට පත් කල හැකි බවයි ඉතියෝපියා ගුවන් සේවයේ ජේෂ්ඨ නිලධාරීන් පවසන්නේ. ඊට අමතරව ගුවන් යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි ඩිජිටල් පියාසර දත්ත ද මේ වන විට හඳුනාගෙන ඇති බව එම නිළධාරීන් සඳහන් කලා.

ඉතියෝපියා ගුවන් යානයක් කඩා වැටීමත් සමගම බොයිං 737 ගුවන් යානා භාවිත කිරීම සම්බන්ධයෙන් ඉන්දීය සිවිල් ගුවන් සේවා අධිකාරියේ ද අවධානය යොමුව තිබෙනවා. කෙසේ වුවත් චීන ගුවන් නියාමන අධිකාරිය මේ වන විට බොයිං 737 ගුවන් යානා භාවිතය අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව චීන දේශීය ගුවන් සමාගම් වෙත නියෝග කර ඇත්තේ අදාල ගුවන් යානා භාවිතයෙන් වලකින ලෙසයි.

ඉතියෝපියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඊයේ කඩා වැටීමත් සමග බොයිං සමාගමේ ගුවන් යානා තාක්ෂණය පිලිබඳ ගැටලූ සහගත තත්වයක් මතුව තිබෙනවා.

මාස 05 ක් තුළ කඩා වැටුණු දෙවන බොයිං ගුවන් යානය මෙයයි.

ඉතියෝපියාවේ අගනුවර වන අඩිස් අබාබා නුවර සිට කෙන්යාවේ නයිරෝබි ගුවන් තොටුපල වෙත පියාසර කරමින් තිබිය දී මෙම ගුවන් යානය අනතුරට ලක්වුණා.

මෙම අනතුරෙන් ගුවන් මගීන් 149 දෙනෙකු සහ කාර්්‍යමණ්ඩලයේ 08 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් බොයිං සමාගම විසින් පූර්ණ තාක්ෂණික විශ්ලේෂණයක් සිදු කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post