News Line| Off Air
Generic placeholder image

Mar
12

ආණ්ඩුවේ හපන්කම් 22ක් ගැන මහින්දගෙන් හෙළිදරව්වක්

1018 Views


ආණ්ඩුවේ හපන්කම් 22ක් ගැන මහින්දගෙන් හෙළිදරව්වක්

වත්මන් ආණ්ඩුව රට ගැටලුවකට පත් කර ඇති බව සඳහන් කරමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුව යටතේ ආර්ථිකයට සිදුවූ ගැටුල 23ක් ඉදිරිපත් කළේය.

බැඳුම්කර වංචාවේ පාඩුව රුපියල් බිලියන 1000,ආර්ථික වර්ධන වේගය 3%, ආර්ථික වර්ධයෙන් අවසාන ස්ථානයෙන් බේරීම සඳහා ඇෆ්ගනිස්ථානය සමග තරග කිරිම, ඒක පුද්ගල ආදයම ඩොලර් 3980 දක්වා අඩු කරමින් ලංකාව අඩු ආදායම් ලාභි රටක් බවට පත්කිරීම, බදු අය කිරීම දෙගුණ කිරිම,

අවුරුදු 4ක් තුළ ණය රුපියල් ට්‍රිලියන 5ක් ලබාගැනීම, රාජ්‍ය ණය 71% සිට 91% දක්වා වැඩි කිරීම, රුපියල 29.9% කින් අවප්‍රමාණය වීම, උද්ධමනය 30%ක් ඉහළ යෑම, රැකියා සංඛ්‍යාව 454000කින් කප්පාදු කිරීම, ජී.එස්.පී. ප්ලස් ලබාගත්තත් අපනයන අඩු වීම, සෘජු විදේශ ආයෝජන අඩු කර ගැනිම, සිංගප්පූර් නිදහස් වෙළඳ ගිවිසුම,

අවම විදේශ සංචිත, ණය ශ්‍රේණිගත කිරීම් වසරින් වසර පහළ දමා ගැනීම, 1988 පසුව ඉහළම අයවැය පරතරය ආදි කරුණු 22ක් ඔහු ඉදිරිපත් කළේය.


News Articles
Latest Videos
Most Popular Post