News Line| Off Air
Generic placeholder image

Mar
12

අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අත්අඩංගුවට

771 Views


අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අත්අඩංගුවට

අංගොඩ ලොක්කා නැමැති පාතාල සාමාජිකයාගේ ගෝලයෙක් මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සමඟ අද කොටිකාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම වැටලීම සිදු කර ඇත්තේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින්.

සැකකරු සිය නිවසේ කෙසෙල් පදුරක් අසල මෙම ගිනි අවිය වළ දමා තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

කලක් සමයං නැමැති පාතාල සාමාජිකයාගේ ගෝලයකු වශයෙන් කටයුතු කල සැකකරු පසුව අංගොඩ ලොක්ක සමග සම්බන්ධකම් පවත්වා ඇති අයෙක්.

කප්පම් ගැනීම්් සහ ගිනි අවියක් පෙන්වා මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නඩු විභාග වන බවද පොලිසිය සඳහන් කලා.

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඇතුලු 31 දෙනෙකු කොකේන් තොගයක් සමග ඩුබායි හී පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයක පැවති සාදයක් අතරතුර එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේ පසුගිය මස 5 වනදායි.

එම අත්අඩංගුවට ගැනීමේ දී පලා ගිය අංගොඩ ලොක්කා නැමැත්තාද පසුගිය මස 10 වනදා ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post