සෙනසුරාදා දිනයේ දී රියදුරු බලපත‍්‍ර අලුත් කර ගැනීම, බලපත‍්‍ර නිකුත් කිරීම, අයදුම්පත් භාර ගැනීම සහ රියදුරු බලපත‍්‍ර පරීක්ෂණ වැනි සේවා සිදු කිරීමට ප‍්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.මෙම සේවා සඳහා මෝටර් රථ ප‍්‍රවාහන සේවා දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය සෙනසුරාදා දිනයේත් විවෘත වන්නේ ලබන 23 වැනිදා සිට බවයි වාර්තා වන්නේ.
මීට අමරතව ජාතික ප‍්‍රවාහන වෛද්‍යායතනයේ නුගේගොඩ ප‍්‍රධාන කාර්යාලය සහ වේරහැර කාර්යාලය ද මෝටර් රථ ප‍්‍රවාහන සේවා දෙපාර්තමේන්තුවේ ගම්පහ සහ කුරුණෑගල යන ප‍්‍රාදේශීය කාර්යාල ද සෑම සෙනසුරාදා දිනකම විවෘතව තැබීමටයි නියමිතව ඇත්තේ.