අද උදෑසන 10.30ට පමණ මොරටුමුල්ල පොලිස් වසමේ මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ නිවසක් ඉදිරිපිට සිටි තිදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් තිබෙනවා.මෙම වෙඩි තැබිමෙන් එම නිවස ඉදිරිපිට සිටි බස්රථ හිමිකරුවෙකු හා තවත් තරුණයෙකු මිය ගොස් තිබෙන අතර බස්රථ හිමිකරුගේ පුත්‍රයා තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
මෙම වෙඩි තැබිම පුද්ගලික ආරවුලක් මත සිදුවි ඇති බවටයි අනාවරණය වි ඇත්තේ.