News Line| Off Air
Generic placeholder image

Mar
14

ඇමරිකාව ඉන්දියාවේ න්‍යශ්ටික බලාගාර 06 ක් ඉදි කිරීමට සැළසුම් කරයි

723 Views


ඇමරිකාව ඉන්දියාවේ න්‍යශ්ටික බලාගාර 06 ක් ඉදි කිරීමට සැළසුම් කරයි

ඇමරිකාව විසින් ඉන්දියාව තුළ සිය න්‍යශ්ටික බලාගාර 06 ක් ඉදි කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඊට අදාළ ගිවිසුමට ඉන්දීය හා ඇමරිකානු බලධාරීන් ඉදිරි සතියේ දී අත්සන් තබනු ඇතී.

ඉන්දීය විදේශ ලේකම් විෙජ් ගෝකාල් සහ ඇමරිකාවේ ජාත්‍යන්තර ආරක්ෂක කටයුතු ලේකම් ඇන්ඩ්‍රා තොම්සන් අතර වොෂින්ටන් නුවර දින 02 ක් පුරා පැවති සාකච්ඡා වලින් අනතුරුව න්‍යශ්ටික බලාගාරය ඉදි කිරීම සම්භන්ධයෙන් තීරණය කර තිබෙනවා.

ඉන්දියාව තුළ න්‍යශ්ටික බලාගාර 06 ක් ඉදි කිරීමෙන් දෙරටේම ආරක්ෂාව හා සිවිල් න්‍යශ්ටික සහයෝගීතාව ශක්තිමත් කිරීමට හැකි වනු ඇති බවයි ඉන්දීය විදේශ ලේකම්වරයා සදහන් කලේ.

මෙම න්‍යශ්ටික බලාගාර ඉදි වීමෙන් අනතුරුව ඉන්දියාවේ න්‍යශ්ටික ධාරිතාව 03 ගුණයකින් ඉහල නැංවෙනු ඇතී.


News Articles
Latest Videos
Most Popular Post