News Line| Off Air
Generic placeholder image

Mar
14

නිරෝෂා සෙවීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි

1046 Views


නිරෝෂා සෙවීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි

මත්ද්‍රව්‍ය ජාවාරම් සමග සම්බන්ධ වී සිටි සැකකාරියක සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටිනවා

මහ උඩුවගේ දොන් නිරෝෂා නිල්මිණි පෙරේරා නොහොත් තුෂාරි නැමැති මෙම සැකකාරිය 47 හැවරිදි මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පදිංචිකාරිනියක්

පොලිස් අත්අඩංගුවට පත් වූ කැවුමා නැමැති සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සම්බන්ධ වීම ඇයට එල්ල වී ඇති වෝදනාවයි

මෙම සැකකාරිය පිළිබඳව තොරතුරු 071 8591589 යන දුරකථන අංකයෙන් කැළණිය ජේෂ්ඨ පොලිස් අධිකාරී උපාලි ජයසිංහ මහතා වෙත ලබා දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා

අත්අඩංගුවට ගත් මාකදුරේ මධුෂ්ගේ සමීපතමයෙක් වන කැලූ‍ම් ඉන්දික සම්පත් නොහොත් කැවුමා නැමැත්තා අත්අඩංගුවට ගත්තේ පසුගිය 04 වනදායි

මේ අතර මොරටුමුල්ල වෙඩි කැබීමෙ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා සැකකරුවෙක් හඳුනා ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කලේ වෙඩි තැබීම සඳහා සැකකරුවන් ත්‍රී රෝද රථයකින් සහ මෝටර් රථයකින් පැමිණ ඇති බවයි.

අද පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින්.

වෙඩි වැදීමෙන් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

මිය ගොස් ඇත්තේ බස් රථ හිමිකරුවෙක් සහ ඔහුගේ පුත්‍රයාගේ මිතුරෙක්පෞ.ද්ගලික ආරවුලක් මත වෙඩි තැබීම සිදුව ඇති බවට තොරතුරු අණාවරණය වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post