News Line| Off Air
Generic placeholder image

Mar
15

ත්‍රිපිටකාභිවන්දනා සතියට බෞද්ධ කොඩිය ඔසවා තබන්න ජනතාවගෙන් ඉල්ලයි

1830 Views


ත්‍රිපිටකාභිවන්දනා සතියට බෞද්ධ කොඩිය ඔසවා තබන්න ජනතාවගෙන් ඉල්ලයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම වෙනුවෙන් මෙම මස 16 සිට 23 වැනිදා දක්වා “ත්‍රිපිටකාභිවන්දනා” සතියක් ප්‍රකාශයට පත්කර එම සතිය තුළ දිවයින පුරා විශේෂ බෞද්ධාගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඊයේ මාධ්‍යය අමතමින් පවසා සිටියා.

ජනාධිපති ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යංශය සහ නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය හා සෙසු අමාත්‍යංශ ඒකාබද්ධ වී “ත්‍රිපිටකාභිවන්දනා” සතිය පුරාවට ආගමික වැඩසටහන් රැසක් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු කර ඇති අතර එම සතිය තුළ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සියලුම නිවාසවල, රථ වාහන සහ මංමාවත් වල බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කරන මෙන් තමන් සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.

මාර්තු 17 වන දිනය තුළදී දිවයින පුරා දහම් පාසල් ගොඩනැගිලි නොමැතිව ගස් යට දහම් අධ්‍යාපනය ලබන දු දරුවන් වෙනුවෙන් තෝරාගනු ලැබූ විහාරස්ථාන 226ක දහම් පාසල් ශාලා ඉදිකිරීම ආරම්භ කරන බවත්, එක් දහම් පාසල් ශාලාවක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 33 වැයවන බවත් අමාත්‍යවරයා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post