News Line| Off Air
Generic placeholder image

Mar
15

දෙමව්පියන්ගේ විවාහ අවිවාහක බව නැති අලුත් උප්පැන්න සහතිකයක් ලඟදීම

1279 Views


දෙමව්පියන්ගේ විවාහ අවිවාහක බව නැති අලුත් උප්පැන්න සහතිකයක් ලඟදීම

ජ්‍යාත්‍යන්තර ක්‍රමෝපායන්ට අනුව සැකසුණු නව උප්පැන්න සහතික නිකුත් කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව කටයුතු කරයි.

ඊ- ජනගහන හා ලේඛන වැඩසටහන මඟින් 2019 ජනවාරි මස පළමුවන දින සිට සිදුවන සියලුම උපත් සඳහා ජාතික උප්පැන්න සහතිකයක් ලබා දීම මෙමගින් සිදුවන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (14) ශ්‍රි ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

මෙම ජාතික නව උප්පැන්න සහතිකයේ පවතින සුවිශේෂීතාව වන්නේ රෙජිස්ටාර් ජනරාල්ගේ අත්සනින් යුතුව ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් නිකුත් කිරීමත්, කඩිනම් ප්‍රතිචාර කේතයක් ඇතුළත් වීමත් බව රෙජිස්ටාර් ජෙනරාල් එන්.සී. විතානගේ මහතා ප්‍රකාශ කළේය.

නව උප්පැන්න සහතිකයේ දෙමාපියන්ගේ ජාතිකත්වය සඳහන් වී ඇති අතර දෙමාපියන් විවාහකද අවිවාහකද යන වග සදහන් වන්නේ නැත.

මීට අමතරව ආරක්ෂිත ගුණාංගවලින් යුත් කඩදාසියක උප්පැන්නය මුද්‍රණය කරයි. සෑම උපතක් සඳහාම ඒකීය අනන්‍යතා අංකයක් ලබා දෙමින් අවුරුදු 15 සම්පූර්ණ වීමේදී ලබා දීමට නියමිත අනන්‍යතා අංකය උප්පැන්නයේ සඳහන් වීම හා එය විභාග දෙපාර්තමේන්තුවේ විභාග අංක සඳහාද භාවිත කිරීමද මෙහි ඇති තවත් සුවිශේෂත්වයක් බව විතානගේ මහතා තවදුරටත් කීය.


News Articles
Latest Videos
Most Popular Post