News Line| Off Air
Generic placeholder image

Mar
18

නවසීලන්ත අගමැතිනිය ෆේස්බුක් සමාගමෙන් ඉක්මන් සාකච්ඡාවක් ඉල්ලයි

1204 Views


නවසීලන්ත අගමැතිනිය ෆේස්බුක් සමාගමෙන් ඉක්මන් සාකච්ඡාවක් ඉල්ලයි

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් දේවස්ථානවලට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් සංස්කරණය කර මුහුණුපොතට එක් කළ වීඩියෝ දර්ශනද මේ වනවිට ෆේස්බුක් සමාගම විසින් ඉවත් කරමින් සිටින බවයි එම සමාගම ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ වෙතත් මෙම ප්‍රහාර එල්ල කළ 28 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටෙරන්ට් විසින් ප්‍රහාරයේ මුල් විනාඩි 17 සජීවී ලෙස ෆේස්බුක් හරහා විකාශය කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය බව නවසිලන්ත අගමැතිනි ජසින්ඩා ආඩින් ප්‍රකාශ කරනවා.
දිගින් දිගටම මෙවැනි චෝදනාවන් එල්ල වීම හරහා ෆේස්බුක් සමාජ ජාල මාධ්‍යය කෙරෙහි ඇති ජනතා විශ්වාසය සහ කැමැත්ත අඩු වී යනු ඇති බවයි ලොව පුරා විදෙස් මාධ්‍යය සදහන් කර තිබුණේ.


News Articles
Latest Videos
Most Popular Post