පෞද්ගලික අංශයේ සේවකයින්ටද රුපියල් දෙදහස් පන්සියයක දීමනාවක් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ අද පැවැත්වෙන අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී යෝජනාවක් සිදුකලා.
අද විවාදය සිදු කෙරෙන වැය ශීර්ෂයන් අතර කම්කරු වෘත්තීය සමිති සබඳතා පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ ඔහුගේ කතාවේදී මෙම යෝජනාව සිදුකල බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරුවන් පවසා සිටියේ.