News Line| Off Air
Generic placeholder image

Mar
18

නාගහනන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය අත්හිටුවයි

767 Views


නාගහනන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය අත්හිටුවයි

නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය වසර  තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18දා) නියෝග කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා අපහසුතාවට ලක්වන අයුරින් විවෘත අධිකරණයේ ප්‍රකාශ කිරිමේ චෝදනාවට වරදකරු කරමින් ඔහුගේ නීතිඥභාවය මෙසේ වසර තුනකට අත්හිටුවන ලදි.

මේ සම්බන්ධයෙන් කොඩිතුවක්කු මහතා විජිත් මලල්ගොඩ මහතාගෙන් කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා සිටියත් අභියාචනාධිකරණයේ කළ ක්‍රියාව සුළුකොට තැකිය නොහැකිබව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම  නියෝගය නිකුත් කරන ලදි.

අගවිනිසුරු නලීන් පෙරේරා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන සිසිර ද ආබෘෘ හා ප්‍රසන්න ජයවර්ධන යන මහත්වරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.


News Articles
Latest Videos
Most Popular Post