News Line| Off Air| Games
Generic placeholder image

Mar
18

Pick Me වෙත විරෝධයක්

1383 Views


Pick Me වෙත විරෝධයක්

‘Pick Me’ ආයතනය යටතේ ත්‍රි‘රෝද රථ ඇතුළුව වාහන ධාවනය කරන පිරිස්වලට ඇතිවී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා එම ආයතන ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ‘Pick Me’ වාහන හිමියන් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

අදාළ ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් මෙම විරෝධතාව අඛණ්ඩව සිදුකරන බවද සමස්ත ලංකා කුලීරථ හිමිකරුවන්ගේ සහ රියැදුරන්ගේ අයිතීන් සුරැකීමේ සංගමය සඳහන් කරයි.

ඉන්ධන මිල ඉහළ යමින් තිබියදී අදාළ ආයතනය යටතේ ධාවනය වන ත්‍රි‘රෝද රථයක කිලෝමීටරයකට අයකළ රුපියල් 35ක මුදල මේ වනවිට රුපියල් 25 දක්වා අඩු කර තිබෙන බවද එම සංගමයේ ලේකම් නිමේෂ සම්පත් මහතා සඳහන් කලේය.

මීට අමතරව මෝටර් රථයක් ධාවනය කිරීමේදී කිලෝමීටරයකට අයකරනු ලබන්නේ රුපියල් 37ක මුදලක් පමණක් බවත්, එය ප්‍රමාණවත් නොවන බවත් ඔහු පවසා සිටියේය.

අදාළ ආයතනය යටතේ ලියාපදිංචි වූ පසු රථය ධාවනය කළද, නැත්ද දිනකට රුපියල් 100ක් අයකරන බවත්, මෙම අසාධාරණ ක්‍රියා නවතා දමන ලෙස ඉල්ලා මෙම ක්‍රියාමාර්ගය සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post