News Line| Off Air
Generic placeholder image

Mar
18

ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව දරුණු පරාජයකට ලක්වෙනවා

1145 Views


ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව දරුණු පරාජයකට ලක්වෙනවා

එළැඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු පරාජයකට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී අයවැය කාරක් සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙම ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කර ගැනීම වෙනුවෙන් වැඩසටහනක් සකස් කළ යුතුව ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

96 ලෝක කුසලාන තරගාවලි ජයගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ සිටි තත්ත්වය යළිත් ලබාගැනීම වෙනුවෙන් වසර 7/8ක සැලැස්මක් අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේදි ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමක තිබූයේ පාලකයන් නිසා නොව කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා තිලකරත්න ඩිල්ෂාන් වැනි ක්‍රීඩකයන් නිසා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post