News Line| Off Air
Generic placeholder image

Mar
21

ලෝකයේ සතුටින් සිටින රටවලින් ලංකාව පස්සට

1029 Views


ලෝකයේ සතුටින් සිටින රටවලින් ලංකාව පස්සට

ලෝකයේ සතුටින්ම සිටින ජනතාවක් ජිවත්වන රටවල් අතර ශ්‍රී ලංකාවේ ස්ථානය සැළකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ලෝකයේ සතුටින්ම සිටින රටවල් පිළිබඳව නිකුත් කරන දර්ශකයේදි ශ්‍රී ලංකාව 2018 වසරට සාපෙක්ෂව 2019 වසරේදී ස්ථාන 14ක් පසුපසට ගොස් ඇත.

2018 වසරේදි එම දර්ශකයේදී ශ්‍රී ලංකාව 116 වැනි ස්ථානයේ පසුවූ අතර 2019 වසරේදී ශ්‍රී ලංකාව 130 දක්වා පහළ ගොස් තිබෙනවා. 2015-2017 සාමාන්‍යයක් ලෙස ගන්නා විටද ශ්‍රී ලංකාව 116 වැනි ස්ථානයේ පසුවෙනවා.

2019 වසරේදී මෙම දර්ශකය ගණනය කිරීම සඳහා රටවල් 156ක් යෙදාගෙන තිබෙනවා. මෙම දර්ශකයේ පළමු ස්ථානය 2018 දී මෙන්ම මේ වසරේදිත් ෆින්ලන්තය හිමිකරගෙන තිබෙනවා. ආයු අපේක්ෂාව, නිදහස, දළ දේශීය නිෂ්පාදිතය හා දූෂණය වැනි කරුණු යොදාගනිමින් මෙම දර්ශකය ගණනය කරයි. මෙහි මුල්ස්ථාන 10 අතර පසුව රටවල් 10න් රටවල් 8ක්ම යුරෝපා මහාද්වීපයට අයත් රටවල් විසින් හිමිකර ගෙන තිබෙනවා

අවසන් රටවල් 10 අතර පසුවන රටවල්වලින් බොහෝමයක් අප්‍රිකානු මහාද්වීපයේ රටවල් වෙයි.

ලෝකයේ සතුටින්ම ඉන්න රටවල් 10

01 – ෆින්ලන්තය

02 – ඩෙන්මාර්කය

03 – නෝර්වේ

04 – අයිස්ලන්තය

05 – නෙදර්ලන්තය

06 – ස්විට්සර්ලන්තය

07 – ස්වීඩනය

08 – නවසීලන්තය

09 – කැනඩාව

10 – ඔස්ට්‍රියාව

ලෝකයේ අසතුටින්ම ඉන්න රටවල් 10

156 – දකුණු සුඩානය

155 – මධ්‍යම අප්‍රිකානු ජනරජය

154 – ඇෆ්ගනිස්ථානය

153 – ටැන්සානියාව

152 – යෙමනය

151- මලාවි

149 – සිරියාව

148 – බොස්වානා

147 – හයිටි

146 – සිම්බාබ්වේ


News Articles
Latest Videos
Most Popular Post