News Line| Off Air
Generic placeholder image

Mar
21

විල්පත්තුව අපිට වටින්නේ ඇයි..?

1166 Views


විල්පත්තුව අපිට වටින්නේ ඇයි..?

1317km2 විශාලත්වයකින් යුක්ත වූ විල්පත්තුව සැලකෙන්නේ ලංකාවේ ඇති විශාලතම ජාතික වනෝද්‍යානය ලෙසයි. නමුත් අද වන විට මේ 1317km2 වු භූමි ප්‍රදේශයෙන් කොතරම් ප්‍රමාණයක් විල්පත්තු වනයට අයත් දැයි මා නොදනිමි. ප්‍රධානම ලෙස දේශපාලඥයන් නිසාද, ඔවුන් අදහන ශ්‍රී ලාංකික මිනිසුන් නිසාද මේ සුන්දර වන කොමලිය අද වනවිට මියැදෙමින් සිටි.

අලි ඇතුන්, ශ්‍රී ලාංකික දිවියන් ගේ ප්‍රධානම නිජබිම වන විල්පත්තුව ඊට අමතරව කුරුල්ලන්, උරගයින්, වලසුන්, මුවන් ඇතුළු විවිධ වර්ගයේ සතුන් විශාල ප්‍රමාණයකට නිවහනක්වේ.
ඒත් අද වෙනකොට මේ සත්තු කිදෙනෙක් මරලා ඇතිද?
ගස් කියක් කපලා ඇතිද? කියා මා නොදනිමි. දන්නේ දවසින් දවස අපිට මේ සුන්දර වන භූමිය අහිමි වෙමින් පවතින බව පමනකි.

රටේ මාධ්‍ය මේවා උන්ගේ චැනල් වල පෙන්නන්නේ නැත. හැබැයි ලෝකෙන්ම එකය. රටේ විනාශය නොපෙන්වන උන්ගේ මොන එකද??? හරියටම වෙලාවට නාට්‍ය ටික පෙන්නගත්තොත් ඒ ඇතිය. මිනිසුන්ගේ ඔළුවලට පිරෙන්නේද ඒවාය. අද දවස ගෙවාගත්තොත් ඒ ඇතිය.
විල්පත්තුව තියෙන්නෙ කොහෙද? අහ් අපේ පැත්තේ නෙමෙයි නේ කියලා කියන මිනිසුන් සිටින රටක් මේක.

රස්නෙ ඇයි කියලා හිතන්න……….
වතුර නැත්තේ ඇයි කියලා හිතන්න…….

අපේ ලංකාව හරි පොඩි රටක්. ඒත් ඒක ඇතුලේ පිරිලා තියෙන සම්පත් ගොඩයි. ඉතා විශාල ජෛව විවිධත්වයක් මේ පොඩි රට ඇතුලේ තියෙනවා. නමුත් අර අපි අපේ ඡන්දයෙන්ම පත් කරන දේශපාලඥයන් කිසිම හිරිකිතයක් නැතුව මේ රටේ අප සියළු දෙනාගේම අභිමානයට හේතුවන සුන්දර පරිසරය විනාශ කරන්නේ මේක උන්ගේම දේපලක් ගානටය. පරිසර විනාශය උන්ට ගානක්වත් නැත. අදට උන්ට කන්න බොන්න අදින්න තිබුනොත් හොදටෝම ඇතිය. අනාගතයක් ඕනැ නැත……..

කිසිම කෙනෙකුගේ පටු අරමුණු වෙනුවෙන් අපේ රට, රටේ සම්පත් විනාශ විය යුතු නැත. එයට අපි ඉඩ දෙන්න ඕනෙත් නැත.

ශ්‍රී ලාංකිකයිනි මේ විනාශය වන්නේ ඔබ සියල්ලගේම රටේ ‘විල්පත්තුවයි’

අපේ මේ ලස්සන රට රැකගැනීම අපි හැමෝගෙම යුතුකමකි………

නැතිනම්,
මේ භූමිය මත ඔබගේ දරුවන් ජීවත්වන දවසක, මේ භූමිය අපට මෙන් ආදරයෙන් ඔවුන්ට නොසලකාවී………

අනාගත පරපුරට විදින්න පරිසරයක් උරුම කරනවද නැතිනම් විඳවන්න පරිසරයක් උරුම කරනවද කියලා හිතලා බලලා වැඩ කරන්න……..

රටට ආදරය කරන්න……
ආකල්ප වෙනස් කරගන්න…..

උපුටා ගැනීමකි


News Articles
Latest Videos
Most Popular Post