News Line| Off Air
Generic placeholder image

Mar
21

රටේ වන පද්ධතිය ආරක්ෂා කරගැනිමට සෑම පියවරක්ම ගන්නවා

1499 Views


රටේ වන පද්ධතිය ආරක්ෂා කරගැනිමට සෑම පියවරක්ම ගන්නවා

වනාන්තර, ගස, කොළ, සතා සීපාවා ආරක්ෂා කිරීමට රජය මෙන්ම සෑම පුරවැසියෙකුම බැදී සිටින බව ජනාධිපතිතුමා පවසයි. රටේ වන පද්ධතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ වනවිට පියවර රැසක් ගෙන තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා අපේක්ෂිත වන ඝනත්වය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ද පුළුල් වැඩසටහනක් කි‍්‍රයාත්මක බව සඳහන් කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (21) පෙරවරුවේ දිඹුලාගල, වෙහෙරගල මහා විද්‍යාලයේ පැවති ජගත් වනාන්තර දින සැමරුම් උත්සවය අමතමිනි.

මෙහිදී  වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා ,

රට තුළ දැනට පවත්නා වන ඝනත්වය ආරක්ෂා කර ගැනීමට සියලූ දෙනා එක්ව කැප නොවුණහොත් තවත් වසර 15ක් යන විට අපට වනාන්තරය අහිමි වී යන බවයි. රටේ ඉතිරිව ඇති 28‍්‍ර ක් වන ඝනත්වයෙන් වැඩි ප‍්‍රමාණයක් පවතින්නේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශයේ වන අතර එම ප‍්‍රදේශවල පැවති එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය හේතුවෙන් එම වනාන්තර ආරක්ෂා වූ බවත්, යුද්ධය නොමැති අනෙක් ප‍්‍රදේශවල වන පද්ධතිය  දේශපාලනඥයන් සහ ජාවාරම්කරුවන් එක්ව විනාශකර දමා ඇති බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

රජය ඉදිරි වසර 03 තුළ දී ඉටුකර ගැනීමට අපේක්ෂා කරන රටේ වන ඝනත්වය 32‍්‍ර ක් දක්වා ඉහළ නංවා ගැනීමේ වැඩසටහන සාර්ථක කර ගැනීමට නම් හෙක්ටයාර් එක්ලක්ෂ හතළිස් අටදහසක් අලූතින් වැවිය යුතු අතර, එහි දී වසරකට හෙක්ටයාර් පහළොස් දහසක් වැවිය යුතුව ඇති බවත් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, පාසල් දරුවන් ඇතුළු සියලූ පුරවැසියන් එක්විය යුතු බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post