News Line| Off Air
Generic placeholder image

Mar
22

වෙඩි වැදී සිටි බෙලිඅත්ත ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක මියයයි

1254 Views


වෙඩි වැදී සිටි බෙලිඅත්ත ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක මියයයි

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිටි බෙලිඅත්ත ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කපිල අමරකෝන් මහතා මිය ගොස් තිබෙනවා.රෝහල් පොලීසිය සදහන් කලේ අද පෙරවරුවේ ඔහු මිය ගිය බවයි.

බෙලිඅත්ත දෙබොක්කාවල ප‍්‍රදේශයේ පිහිටි සිය නිවසේදී පසුගිය 20 වනදා වෙඩි වැදීමෙන් බෙලිඅත්ත ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා බරපතල තුවාල ලැබුවා.

ඔහු සිය කාමරයේ වෙඩි වැදී වැටී සිටිනු දුටු මව ප‍්‍රතිකාර සදහා ඔහු ඇතුළත් කලේ තංගල්ල රෝහලටයි.

දකුණු කකුලට වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිටි ඔහු වැඩිදුර ප‍්‍රතිකාර සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යැවුනා.

වෙඩි වැදීම සිදුව ඇති ආකාරය මෙතෙක් අණාවරණය වී නැහැ. ඔහුගේ ගෙවත්තේ තිබී ලේ පැල්ලම් කිහිපයක් ද සොයා ගෙන තිබෙනවා

ඒ පිළිබද පුලූල් පරීක්ෂණ ක‍්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ


News Articles
Latest Videos
Most Popular Post