News Line| Off Air| Games
Generic placeholder image

Mar
25

කෘත්‍රිම වැසි තවදුරටත්

681 Views


කෘත්‍රිම වැසි තවදුරටත්

කෘත්‍රිම වැසි ඇති කිරීමේ ක්‍රමවේදය ඉදිරි දෙසතිය තුළද සිදුකර, එහි සාර්ථක අසාර්ථකත්වය ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇතැයි විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරනවා.

මාඋස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශ ඉලක්ක කරමින් මේ වනවිට අවස්ථා දෙකකදී කෘත්‍රිම වැසි ඇති කිරීමේ ක්‍රියාවලිය සිදුකර තිබෙන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

කෘත්‍රිම වැසි ඇති කිරීමේ රසායනික ද්‍රව්‍ය යෙදූ පසු එම ප්‍රදේශවලට වර්ෂාව ලැබී තිබෙන බවත්, ඉදිරියේදී ජල විදුලි නිෂ්පාදනය කරන ජල මූලාශ්‍ර මුල් කරගෙන මෙම රසායනික ද්‍රව්‍ය‘ යොදා කෘත්‍රිම වැසි ඇති කිරීමට කටයුතු කරන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

මිලිලීටර් 100ක වර්ෂා තත්ත්වයක් ලබාගැනීම මෙමගින් අපේක්ෂාව බවත්, සාර්ථක අසාර්ථකතාව පිළිබඳ තීරණයක් ගැනීමට සිදුවන්නේ සති දෙකක කාලයක් තුළ සිදුකරන අත්හදා බැලීම්වලට අනුව බවද එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

තායිලන්ත විශේෂ ඉංජිනේරුවන් පිරිසක් මෙම කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර, මාඋස්සාකැලේ ජල පෝෂිත ප්‍රදේශයට කෘත්‍රිම වැසි ඇති කිරීමට රසායනික ද්‍රව්‍ය යෙදවීම ගුවන් හමුදාවේ වයි 12 යානයක් මගින් අඩි අටදහසක් ඉහළ වලාකුළු යොදාගෙන සිදුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post