News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
25

බැඳුම්කර සිද්ධියට මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු අත්අඩංගුවට ගත් හේතුව හෙළිවෙයි

679 Views


බැඳුම්කර සිද්ධියට මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු අත්අඩංගුවට ගත් හේතුව හෙළිවෙයි

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අලුත්කඩේ අධිකරණයට අද (25) ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ අදාළ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණයකට අදාළවයි.

අත්අඩංගුවට ගත් පිරිස අතරට මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි ද අයත්. පොලිස් ආරංචි මාර්ග පැවසුවේ බැඳුම්කර ගනුදෙනුවට අදාළව වෙනත් පාර්ශ්ව වෙත තොරතුරු ලබා දී ඇත්තේ ඔහු විසින් බවයි.

මීට අමතරව පර්පචුවෙල් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් තිදෙනෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. සැකකරුවන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් වලදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් පසුව ඇප මත මුදා හැරුණා. බැඳුම්කර වංචාව සිදුවී ඉකුත් පෙබරවාරි මාසයට වසර 04ක්.


News Articles
Latest Videos
Most Popular Post