News Line| Off Air
Generic placeholder image

Mar
26

මින් පසු ඉදිකිරීම් සඳහා දේශපාලනඥයින්ගේ නම් බෑ

885 Views


මින් පසු ඉදිකිරීම් සඳහා දේශපාලනඥයින්ගේ නම් බෑ

මින් ඉදිරියට බස්නාහිර පළාතේ කිසිදු ඉදිකිරීමක් සඳහා දේශපාලනඥයින්ගේ නම් යෙදීමට ඉඩ නොදෙන බව පළාත් ආණ්ඩුකාර අසාද් සාලි ප්‍රකාශ කරනවා.

සෙසු පළාත්වල ආණ්ඩුකාරවරුන්ද මෙම තීරණය ක්‍රියාත්මක කරනු ඇති බවයි ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ.

මෙම තීරණය නිසාවෙන් ප‍්‍රසිද්ධ පාසල් පිළිබඳ ගැටළුවටද ඉදිරියේදී විසදුමක් ලැබෙනු ඇති බවයි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටියේ.

එහිදී “වටින මිනිස්සුන්ගේ නම් දාපු පරණ පාසල් තියෙනවා..ඒවාවල නම් අයින් කරලා එක එක්කෙනාගෙ නම් දාන්න කියලා කැබිනට් අනුමැති එනවා. යෝජනා එනවා.. ඉතින් අපි ඒවා ක්‍රියාත්මක කරන්නේ නෑ. ” යනුවෙන් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post