News Line| Off Air
Generic placeholder image

Mar
27

විදුලි කප්පාදුව කුමන්ත්‍රණයක් ? – ජනපතිගෙන් විශේෂ කමිටුවක්

834 Views


විදුලි කප්පාදුව කුමන්ත්‍රණයක් ? – ජනපතිගෙන් විශේෂ කමිටුවක්

විදුලි අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය කමිටුවක් පත් කර තිබෙනවා.

ඇමැතිවරුන් සිව් දෙනෙක් ගෙන් සමන්විත එම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය වන රවී කරුණානායකයී. කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ දයා ගමගේ එම කමිටුවේ සිටින අනෙක් සාමාජිකයින් වෙනවා.

මේ අතර පවතින වියළි කාලගුණයත් සමග විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම තවදුරටත් පහත බැස තිබේ.

ඊට පිළියමක් ලෙස ක්‍රියාත්මක කෙරුණු කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යාපෘතියද ඊයේ තාවකාලිකව නතර කිරිමට විදුලිබල මණ්ඩලය තීරණය කළා.

ඒ අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණු මාවුස්සාකැලේ සහ කාසල්රී ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිත අහසේ වළාකුළු නොමැති වීම හේතුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post