News Line| Off Air| Games
Generic placeholder image

Mar
27

බුද්ධිකගෙන් චූන් පාන් මල්ලිලාට ආරාධනයක්

943 Views


බුද්ධිකගෙන් චූන් පාන් මල්ලිලාට ආරාධනයක්

බේකරි නිෂ්පාදන වෙළෙඳාම සිදු කරන අතරතුර සෑම දිනකම දියර කිරි හා කැඳ වර්ග අලෙවි කිරීමට යොමු වන්නේ නම් ‘චූන් පාන්’ රථ සඳහා විශේෂ අනුග්‍රහයක් දැක්වීමට සිය අමාත්‍යාංශය සූදානම් බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ප්‍රකාශ කළා.

හෙතෙම සඳහන් කර සිටියේ, ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර හා භාජන ඇතුළු සියලු දෑ සිය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘නංවමු ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ‘චූන් පාන්’ හිමියන්ට ලබාදීමට තමන් සූදානමින් සිටින බවයි.

පිටිකිරි මාෆියාවට එරෙහිව වර්තමානයේදී හඬ නගන තමන් ඇතුළු පිරිස අනාගතයේදී පිටි ආහාර පරිභෝජනයෙන් ඉවත් කිරීම සඳහා හඬ නගන විට ‘චූන් පාන්’ හිමියන් සතුව අලෙවි කිරීමට ගුණාත්මක ආහාර තිබිය යුතු බවත්, ඒ අනුව ඔවුන් තම යෝජනාවට අවධානය යොමු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ්Eඅය.

‘කිරිපිටි අර්බුදයේ ඇත්ත නැත්ත’ මැයෙන් කොළඹ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්යේෂණ මධ්‍යස්ථානයේදී පැවැති විද්වත් කතිකාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින්,

“කිරිපිටි පිළිබඳ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී මම මතුකරද්දි ගරු කථානායකතුමා කිවුවා මන්ත්‍රීවරු කලබල වෙන්න ඕන නෑ, අපි පාර්ලිමේන්තුවේ පිටිකිරි දෙන්නේ නෑ කියලා. අගමැතිතුමා පිටිකිරි බොන්නේත් නෑ, බොන්නේ ශ්‍රී ලංකාවේ බ්ලෙන්ඩඩ් කොෆී එකක් විතරයි.

මගේ අමාත්‍යාංශයේ ඇමති රිෂාඩ් බද්යුදීන් මහත්තයා කිව්වා මගේ කිරිපිටි හෙළිදරව්ව නිසා එතුමාගේ නෝනාත් දැන් ගෙදරට කිරිපිටි ගේන්නේ නෑ කියලා. තව මට අහන්න බැරි වුණේ අග්‍රවිනිශ්චකාරතුමා කිරිපිටි බොනවාද නැද්ද කියලා විතරයි. මේ හැමෝම නොබොන කිරිපිටි ඇයි මහජනතාවට පොවන්නේ? මම පාර්ලිමේන්තුවේදී කල්කිරි තියා මුකුත්ම බොන්නේ නෑ. මොකද මගේ රටේ ජනතාවට කිරිපිටි පොවලා අපි දියර කිරි බීලා වැඩක් නැති නිසා.

‘චූන් පාන්’ මල්ලිලාට මම ආරාධනා කරනවා. මුලින් දියර කිරි බෝතල් 05කින් පටන් ගන්න. අපි උදවු කරනවා. පුළුවන් නම් කිතුල් පිටි කැඳ, කොළ කැඳ, කුරක්කන් කැඳත් ගෙනියන්න. උක් මිරිකලා ඒ යුෂ වීදුරුවක් විකුණන්න. පැණි බීම වසංගතයටත් හොඳයි ඒක” යනුවෙන්ද ප්‍රකාශ කරා.


News Articles
Latest Videos
Most Popular Post