News Line| Off Air
Generic placeholder image

Mar
27

එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් සමග ජවිපෙ සාකච්ඡා කරයි

494 Views


එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් සමග ජවිපෙ සාකච්ඡා කරයි

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය හැර සෙසු පක්ෂ සමග වෙනම සාකච්ඡාවක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ එකඟතාව පළ කර තිබෙනවා.ඒ.

දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් පැවසුවේ ලබන සතියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් ඉකුත්දා පැවැත්වුණා. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සෙසු පක්ෂ සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බව එක්සත් ජාතික පක්ෂ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී ප‍්‍රකාශ කළේ.

පක්ෂයක් ලෙස විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය එකඟ බවද එහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය කළ කරුණු විමසීමක දී අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය පිළිබඳ සිතා මේ අවස්ථාවේ කටයුතු නොකරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post