News Line| Off Air
Generic placeholder image

Mar
27

විදුලි කප්පාදුව සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක්

683 Views


විදුලි කප්පාදුව සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක්

විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ලබන සිකුරාදා පාර්ලිමේන්තුවේදී පැහැදිලි පිළිතුරක් ලබාදෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹදී ඊයේ ආරම්භ වූ ආසියා ශාන්තිකර කලාපීය සහයෝගීතා සමුළුවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින්.

ලබන මස මැද වනවිට විදුලි අර්බුදයට ස්ථීර විසඳුමක් ලබාදෙන බව කී අමාත්‍යවරයා 2014 වසරේ සිට විදුලිය ජනනය කිරීමට කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවූ බව සඳහන් කළා.

එබැවින් වැඩිවන විදුලිය ඉල්ලූ‍මට සරිලන සැපයුමක් ලබාදිය නොහැකි වීමෙන් ප‍්‍රශ්න ඇතිවන බව සඳහන් කළ අමාත්‍යවරයා අතීතයට දොස් නොකියා අනාගතයේදී මෙවැනි අර්බධ ඇතිනොවන පරිදි කටයුතු කරන බවයි අවධාරණය කළේ.


News Articles
Latest Videos
Most Popular Post