පීත්ත පටි කපලා, පොල්තෙල් පහන් පත්තු කරල තමයි ඉස්සර විවෘත කලේ. දැන් කාලෙ නම් සමරු ඵලකය ඇරලා, Button එක Press කරලයි Open කරන්නෙ. හැබැයි ඉතිං ඒක හදපු කෙනාම විවෘත කරන්න ඕනෙ කියල නීතියකුත් නෑ, විවෘත කරන කෙනාම හදන්න ඕන කියල නීතියකුත් නෑ. ඕවලට උදාහරණ පහුගිය මාස ටිකේ පත්තර අරන් බැලුවොත් ඕනවටත් වඩා හොයාගන්න පුළුවන්.
දැන් මේ කියන්න යන්නෙත් අනාගතේ දවසක ඔය කතාවට ආයිත් පණ දෙන කොළඹ නෙළුම් කුළුණ ගැනයි. තව ටික කාලෙකින් විවෘත කරන්න නියමිත නෙළුම් කුළුණෙ ඉදිකිරීම් කටයුතු මේ වෙද්දි සෑහෙන්න දුරට ඉවරයි. ඒ බව මේ දවස් වල කොළඹ යන එන ඔබට හොඳින්ම පේනවනේ. හැබැයි ඉතිං පොළෙවෙ ඉඳලා නෙළුම් කුළුණෙ මුදුන බැලුවට නෙළුම් කුළුණ මුදුනේ ඉදන් පොලව බලන්න තාම Chance එකක් ආවෙ නෑනේ. හැබැයි මේ වෙද්දි ඡායාරූප වගයක් අන්තර්ජාලට ඇවිත් තියෙනවා. ඔබ තාම නොදැකපු නෙලුම් කුළුණ ඇතුලෙ සහ මුදුනේ ඉඳලා අවට පරිසරය හරි ලස්සනට මේ ඡායාරූප වලින් බලන්න පුලුවන්.ඉතින් දැනට මේ Photo බලල සැනසෙන්න. නෙළුම් කුළුණ Open කරාට පස්සෙ අපි ගිහිල්ලම නෙලුම් කුළුණ බලමු. එහෙම හොදයිනෙ.







මෙම ඡායාරූප වල හිමිකරුට අපගේ ස්තුතිය.
https://www.youtube.com/watch?v=n6dhxz9Ru2k