News Line| Off Air
Generic placeholder image

Mar
27

වදක තනතුරේ සම්මුක පරීක්ෂණ කල්යයි

591 Views


වදක තනතුරේ සම්මුක පරීක්ෂණ කල්යයි

වදක තනතුරට සුදුසුකම් ලැබූ පිරිස් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ යළි කල් දමා තිබෙනවා.

මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබුණේ ඉකුත් 21 සහ 22 යන දෙදින තුළයි.

එහෙත්, එය අද (27) සහ හෙට (28) දෙදින දක්වා කල් දැමීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කළා.

කෙසේවෙතත් එම සම්මුඛ පරීක්ෂණ නැවත වතාවක් කල් දමා ඇත්තේ අදාළ අපේක්ෂකයන්ට සම්මුඛ පරීක්ෂණ සඳහා නියමිත දිනට ලිපි යොමු කිරීමට බන්ධනාගාර නිලධාරීන් අපොහොසත්වීම හේතුවෙන් බවයි වාර්තා වුණේ.

සම්මුඛ පරීක්‍ෂණ සඳහා සුදුසුකම් ලබා ඇති පුද්ගලයන් ගණන 79 ක්. අමෙරිකානු ජාතිකයෙකු ඇතුළු 102 දෙනෙකු ඒ සඳහා අයැදුම්පත් යොමු කර තිබුණා. එම පිරිසෙන් 23 දෙනෙකු සම්මුඛ පරීක්‍ෂණවලින් ඉවත් කෙරුණේ අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබීම හේතුවෙන්. වදක තනතුර සඳහා අයැදුම්කරුවන් අතරින් දෙදෙනෙකු තෝරා ගැනීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post